Pasidol
Sathosa Ad Final Sinhala
Dec 24, 2016

පෞද්ගලික මාධ්‍ය වෙත තොරතුරු නොදීමට පොලීසියෙන් තීරණයක්

මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික මාධ්‍ය වෙත තොරතුරු ලබා නොදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පසුගියදා ඇති වූ යම් යම් සිද්ධීන් මුල් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.

මීට ප්‍රථම පොලිස් දෙපාර්තමේන්තුව විසින් සෑම පොලිස් බල ප්‍රදේශයකම සිදු වන සිදුවීම් විද්‍යුත් තැපෑල මාර්ගයෙන් රජයේ මාධ්‍ය වෙත මෙන්ම සියලු පෞද්ගලික මාධ්‍ය වෙත ද යොමු කරනු ලැබීය.

මිට අමතරව යම් කිසි සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ මාධ්‍ය ඒකකය අමතා තොරතුරු ලබා ගැනීමට ද අවස්ථාව ලබාදී තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top