Pasidol
Sathosa Ad Final Sinhala
Dec 25, 2016

ලොව පුරා කිතුනුවන් නත්තල සමරති

සාමයේ වැදගත්කම ලොවට පසක් කරමින් අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයෙන් උදාවිය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල් උදාව සමරනු ලැබුවේ මිනිසත්කමේ උත්තරීතර පණිවිඩය ද සිහි තබාගනිමිනි.

අසිරිමත් නත්තලේදී ආදරය, පරිත්‍යාගය, කැපවීම තුල දේවත්වය සහ මනුෂ්‍යත්වය එක්සත් වන අයුරු ලොවටම කියා දුන් කිතු සමිඳානන්ගේ උපත සැමරීම සිදුවේ.

ඊයේ මධ්‍යම රාත්‍රීයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා කිතුනු බැතිමතුන් දේවස්ථාන තුළට රැස් වී නත්තල් දේව මෙහෙයන්ට එක්වුහ.

ලෝකය වෙනුවෙන් සියලු දෙනා සිය හදවත විවර කළ යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසති.


ලොව පුරා විශේෂ දේව මෙහෙයන්:


මේ අතර නත්තල් උදාව සමරමින් ලොව පුරා විශේෂ දේව මෙහෙයන් රැසක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 වතිකානුවේ ශාන්ත පීටර්ස් බැසිලිකාවේදී පැවති දේව මෙහෙයට දස දහසකට අධික පිරිසක් සහභාගී වු බව එම වාර්තාවල සඳහන් වේ.

නත්තල් උදාව සිහිපත් කරමින් ශූද්ධෝත්තම පාප්තුමන් විසින් සිදු කළ විශේෂ දේව මෙහෙය රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවේදි පැවැත්විණ.

කුසගින්නෙන් පෙළෙන දුගී ජනතාව වෙනුවෙන් සහ සිරියාවේ ඇලෙප්පෝ නුවර බෝම්බ බියෙන් ඇළලී සිටින ජනතාව වෙනුවෙන් පාප්තුමන් එහි දී යාඥා කළ බව විදෙස් පුවත් සේවා අනාවරණ කළේය.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ මෙම විශේෂ දේව මෙහෙය සිදු කිරීම ද විශේෂත්වයකි.

 මෙම විශේෂ දේව මෙහෙයේ දී පාප්තුමන් භාෂා 40කට ආසන්න ප්‍රමාණයකින් ලෝ වාසීන්ට ආශිර්වාද කරනු ලැබුහ.

සාමය, සමගිය සහ මනුෂ්‍යත්වයේ අගය ලොවට පසක් කළ නත්තල, අර්ථවත් සහ අසිරිමත් නත්තලක් වේවා යැයි අපගේ ප්‍රාර්ථනයයි.

Chrimas

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top