Aug 29, 2018

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා අද සිට : සජීව වෙබ් විකාශය මිරර් වෙතින් 

සංහිඳියාව, ප්‍රජාත්‍රන්තවාදය සහ සංවර්ධනය මුල් කරගත් ව්‍යවසායකයින් දිරි ගන්වන ''එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා '' 2018 ජාතික ප්‍රදර්ශන මාලාව අද (29) සිට මොණරාගලදී ආරම්භ වෙයි.

ප්‍රදර්ශනය අගෝස්තු මස 29,30,31 යන තෙදින පුරා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේ දී පැවැත්වේ.

කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515කින් යුක්ත වේ. 
 
දැවැන්ත අධ්‍යපන කලාපයක් , ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන සංගීත සංදර්ශන මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීම සඳහා විනෝද කලාපයකින්ද සමන්විතය.
 
මොණරාගල දිස්ත්‍රික්කයේ පවූල් 25,000කගේ යටිතල පහසුකම් සියල්ලම මෙම ප්‍රදර්ශනයට සමගාමීව දියුණු කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
 
2015 සිට 2018 දක්වා වූ රජයේ තුන්වසරක මෙහෙවර මෙන්ම වසර 2025 දක්වා වූ රජයේ ඉදිරි දැක්ම මෙම ප්‍රදර්ශනය තුළින් පෙන්නුම් කෙරේ. මෙම ප්‍රදර්ශන මාලාවේ ප්‍රධාන අරමුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීමයි. 
 
නගරයේ මෙන්ම ගම් වල සිටින ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා අවශ්‍ය උපදෙස් මෙන්ම ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබාදීමද මෙහිදී සිදු වේ.
 
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යනු සමෘද්ධිය හෝ සමාජ සුබසාධනය නොව අළුත් ව්‍යවසායකයන් දිරිමත් කෙරෙන, ව්‍යාපාරිකයන් ගොඩ නගන වැඩසටහනක් බව මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
 
මේ තුළින් ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවාසායකයින් ලක්ෂයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව පැවසූ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පාසල් වෑන් රථ මිලදී ගැනීමට,කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයට, විසිතුරු මසුන් නිෂ්පාදනයට, මාධ්‍යවේදින්ට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම වැනි විවිධ ක්ෂ්‍රේත්‍රවල සුළු පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා ව්‍යවසායකයන්ට මේ ඔස්සේ ණය ලබා ගත හැකි බවත් පැවසීය.
 
රුපියල් 50,000 සිට මිලියන 750ක් වන තෙක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගත හැක. විශේෂයෙන් ම තොරතුරු තාක්ෂණය මේ ප්‍රදර්ශනය හරහා මොණරාගලට ගෙනියන බවත් මෙම නව ව්‍යවසායකයින් සැපයුම් ජාලයකට සම්බන්ධ කළ යුතු බවත් මෙම මොණරාගල ප්‍රදරශනය තුළින් ඔවුන් එම සැපයුම් ජාලයට සම්බන්ධ වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
අද ආරම්භ වන මෙම ප්‍රදර්ශනය සෑම දිනකම පෙ.ව. 10.00 සිට රාත්‍රී 12.00 දක්වා මහජනතාව සඳහා විවෘතව  තබනු ලැබේ.මහජනතාව සඳහා ප්‍රදර්ශනය විවෘත කිරීම අද (29) පෙ.ව. 10.00 ආරම්භ වෙයි.
 
ප්‍රථම දිනය නිල සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 4.00ට ආරම්භ වීමට නියමිත අතර මේ අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර , රාජ්‍ය පරිපාලන,  කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , ධීවර, ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන  අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා , ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක , මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන්  වික්‍රමරත්න , මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය කතානායක ආනන්ද  කුමාරසිරි යන මහත්වරු ඇතුළුව මොණරාගල දිසාපතිතුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්වීමට නියමිතය .
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top