Pasidol
Sathosa Ad Final Sinhala
Dec 26, 2016

පිළිකා රෝගීන්ට අලුත් අංකයක්

පිළිකා රෝගීන්ගේ පිහිටට ඕනෑම මොහොතක ඇමතිය හැකි උපදේශන සේවාවක් ආරම්භ කර තිබේ.

පිළිකාවක් වැළඳුනු අයෙකුට ඇති වන ශාරිරික මානසික තත්ත්වයන් මෙන්ම වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබඳව ද සහාය වීම අරමුණු කර ගත් “පිළිකා සරණ උපකාරක ඇමතුම” නමින්  මෙම ක්ෂණික ඇමතුම් සේවාව ඇරඹෙයි.

කථානායක කරු ජයසූරිය මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/B යන ස්ථානයේදී හෙට (27දා) මෙම සේවාව ආරම්භ කිරීමට නියමිතය.

මෙහි ක්‍ෂනික ඇමතුම් අංකය 011 2 363 211 වේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top