Pasidol
Sathosa Ad Final Sinhala
Dec 27, 2016

නේවි එකෙන් නව නිපැයුමක්(ඡායා)

නාවික හමුදාව විසින් හදිසි ගංවතුර ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා උපකාර වන වායු බල යාත‍්‍රාවක් නිෂ්පාදනය කර ඇත.

මෙම යාත‍්‍රාව නිපදවා ඇත්තේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගිනි.

මෙම යාත්‍රාව නිපදවිම සඳහා නාවික හමුදාවට රුපියල් මිලියන 1.7 ක් වැනි අඩු පිරිවැයක් වැයවු අතර, සාමාන්‍ය වෙළදපොලේ මෙහි වටිනාකම රුපියල් මිලියන 12.5 ක් පමණ වේ.

වායු බල යාත්‍රාවේ විශේෂත්වය වනුයේ ප්‍රධාන යන්ත්‍රය සහ එහි අවරපෙත්ත (Propeller) ජලයෙන් ඉහළ මට්ටමේ පිහිටා තිබිම හේතුවෙන් ජලයෙන් යට වු ප්‍රදේශ වල විපතට පත්වුවන් බේරා ගැනීම සඳහා යෙදවිමේදී යාත්‍රාව ආපදාවට ලක් නොවී අඛණ්ඩව එම කටයුත්තේ නියැලීමට හැකියාව පැවතීමයි.

තවද මෙම යාත්‍රාව නිපදවීම සඳහා මුලික සැලැස්ම සහ අවශ්‍ය දත්තයන් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ විශේෂඥ දැනුමැති නිලධාරීයෙකු වන කොමදෝරු ප්‍රියන්ත පෙරේරා නිලධාරිතුමා විසින් ලබාදී ඇත.

Boat

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top