Pasidol
Sathosa Ad Final Sinhala
Dec 28, 2016

ජෝන්ස්ටන්ගේ පුතා ධුරයෙන් ඉවතට

වයඹ පළාත් ආණ්ඩු පක්ෂ සංවිධායක ධුරය දැරූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් විසින් අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඔහුව මෙලෙස තනතුරෙන් ඉවත් කිරීමට හේතු වී ඇත්තේ දීර්ඝ කාලයක් පළාත් සභාවේ කටයුතුවලට සහභාගී නොවීම බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩු පක්ෂ සංවිධායක ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී බණ්ඩාර රාජපක්ෂ මහතා පත් කර ඇති බව වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top