රජයේ අලුත්ම තීන්දුව පුනරුත්ථාපනය හා නැවත පදිංචිය භාර අමාත්‍යවරයා විසින් දැනුම් දෙන ලද්දේ කිලිනොච්චි වෙළෙඳ පොළ ගිනිගැනීමෙන් හානි සිදුවූවන්ට වන්දි ගෙවීම සඳහා 28 බදාදා පැවති රැස්වීමකදීය.
පදිංචියට සුදුසු නැති නිසා ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන පූට්ටු නිවාස ඉදිකිරීමට මේ තරම් වෙහෙසෙන්නේ ඇයිදැයි රැස්වීමට සහභාගි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා විසින් විමසන ලද අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ එය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තීරණයක් බවයි.
‘ආසෙලෝමිට්ටල්’ (ArcelorMittal) බහුජාතික සමාගමේ පෙරසවි පූට්ටු නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ දැඩි විරෝධතාවයක් එල්ල වූ පසුගියදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ලබන ජනවාරි මාසයේදී සියලු පාර්ශවයන් කැදවා සාකච්ඡාවක් පවත්වා නිවාස යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බවයි.
කෙසේවෙතත්, ස්වාමිනාදන් අමාත්‍යවරයා විසින් අද කිලිනොච්චියේදී දැනුම් දෙන ලද පරිදි නිවාස අවශ්‍ය අය ජනවාරි 15 ට පෙර අයැදුම් කළ යුතුය.
මිනිස් වාසයට නුසුදුසුයි
නිවාස 65,000ක යෝජනා ක්රමයේ පළමු අදියර වෙනුවෙන් යුද්ධයෙන් වඩාත් විනාශයට පත් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකේ ගෙවල් 10,000 ක් ඉදි කිරීම රජයේ සැලසුමයි.
යුද්ධය අවසන් වී හත් අවුරුද්දකට වැඩි කාලයක් ගතව ඇතත් කිළිනොච්චියේ පවුල් විසි දහසකට අධික පිරිසක් තවමත් ජීවත් වන්නේ තාවකාලික නිවාස වලය.
මොරටුව විශ්ව විද්‍යාලයේ නිවාස ඉදිකිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් විසින් කරන ලද සමීක්ෂණයක නිගමනය වී ඇත්තේ යෝජිත නිවාස මිනිස් වාසයට නුසුදුසු බවයි.
දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරන නිවාස යෝජනා ක්‍රමය අත්හල නොහැකි නම් ඉල්ලා අස්වන ලෙස දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා නැවත පදිංචි කටයුතු භාර අමාත්‍යවරයාගෙන් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
(radiogagana)