Sathosa

Oct 05, 2018

LMG ගිනි අවි දෙකකක් ශ්‍රීලනිප මුලස්ථානය අසලට ගෙනාවේ ඇයි ?

ජනබලය දා LMG ගිනි අවි දෙකක් ශ්‍රී ලනිප මුලස්ථානය අසලට ගෙනවිත් සුදානමින් සිටියේ ඇයිදැයි යන කාරණය සම්බන්ධයෙන් මේවනවිට විශේෂ විමර්ශනයක් ආරම්භවී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (05) මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, ජනබලය කොළඹට උද්ඝෝෂණයේදී කළහකාරී තත්ත්වයක් ඇති වූයේ නම් උද්ඝෝෂණයට පැමිණි ජනතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) සතු LMG ගිනි අවි දෙක භාවිත කිරීමේ සූදානමක් පැවති බවයි.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන FUTURE IMAGE - 2018 ප්‍රදර්ශනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වු අතර එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වර්තමානයේ පොලිසිය ද පාතාලයක් ලෙස ක්‍රියාත්මක වන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top