Pasidol
Sathosa Ad Final Sinhala
Dec 29, 2016

ජනපතිට අගමැතිට තර්ජන කළ හඬපටය ගැන හෙළිවේ

ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂනායකවරයාට මරණ තර්ජන සිදුකළ බවට අත්අඩංගුවට ගත් තරුණයා හෙට (29දා) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ හඬපටය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

එම හඬපටය ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට බවත්, තවත් රටවල් කිහිපයක සිට ද විවිධ පුද්ගලයින් එම හඬපටයම ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර ඇතැයි ද රහස් පොලීසිය දැනුම් දී ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු හෙට දිනය දක්වා රිමාන්ඩ් කරීමට නියෝග කර තිබේ.

සබැඳි පුවත්

ජනපතිට හා අගමැතිට තර්ජනය කළ තරුණයා යළි ඇතුළට

ජනපතිට මරණ තර්ජන කළ තරුණයා ඇතුළට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top