Pasidol

Sathosa

Oct 12, 2018

ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප් වලින් බාබාලා විකුණූ ජාවාරම්කරුවන් අල්ලයි!

ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලය ඔස්සේ දරුවන් විකුණන ජාවාරමක නිරත වූ පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දුනීසියානු පොලිසිය සමත් වී තිබේ.

පවුල් සුබසාධන ඒජන්සියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ගර්භනී කාන්තාවන්ගේ, ළදරුවන්ගේ හා තවමත් මවුකුසෙහි සිටින දරුවන් ගේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් දසුන් වල ඡායාරූප එක්කර තිබේ.

මෙහි සඳහන් කර ඇති දුරකථන අංකයක් මගින් WhatsApp හරහා අනාගත ගනුදෙනුකරුවන්ට සම්බන්ධ විය හැකි බව සුරබායා පොලිසිය පවසයි.

පොලිසිය විසින් මේ වන තෙක් එක් ගණුදෙනුවක සුලමුල සොයාගෙන ඇති අතර, මෙලෙස අලෙවි වන තවත් දරුවන් සොයාගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.

මෙම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට 700 කට වැඩි අනුගාමිකයින් සිටින බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top