Sathosa

Oct 12, 2018

ජනපතිගේ අගවිනිසුරු යෝජනාවට අනුමැතිය හිමිවෙයි

නව අගනිවිසුරුවරයා වශයෙන් ජනාධිපතිවරයා යොමු කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා නව අගනිවිසුරුවරයා වශයෙන් පත් කිරීමට යෝජනා කර ඇති අතර, එයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

නලීන් පෙරේරා මහතා මහේස්ත්‍රාත් අධිකරණයේ සිට අධිකරණ ධූරාවලියේ ඉහළට පැමිණ ඇති අයෙකු වන අතර 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්ව තිබේ.

වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනිමට නියමිතයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top