Jan 02, 2017

සරත් කුමාර ගුණරත්න රිමාන්ඩ්(update)

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

update 15.00pm

------------------------------------------------------------------------------------

සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට

හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කළපු සංවර්ධන මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ සිද්ධියකට අදාළව ඒ මහතාට එරෙහිව පසුගියදා වරෙන්තු නිකුත්කර තිබිණි.

අද (02දා) පෙරවරුවේ අත්අඩංගුවට ගත් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top