nsb
Sathosa

Nov 08, 2018

බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රිය කරයි

කලක් අක්‍රියව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත්කරමින් අග්‍රාමාත්‍යය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රිය කර ඇත.

විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති ලෙසද‍ විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ මහතා සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්. ස්වර්ණජෝති මහතා එහි සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ ඇත.

2011 අංක 23 දරණ බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇති මෙම බදු අභියාචනා කොමිෂන් සභාව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා සමඟ බදු ගෙවන්නෙකුට ඇතිවන්නා වූ යම් ආරවුලක් වේනම් ඉක්මනින් විසඳා ගැනීමට පහසුකම් සැලසේ.

බදු ගෙවන්නෙකුට තමන්ගේ වාර්තාව අනුව ගෙවිය යුතු යම් බද්දක්ල ගාස්තුවක් හෝ අයකිරීමක් පැනවීම හා අදාළ යම් කාරණාවක් සම්බන්ධයෙන් යම් දුක්ගැනවිල්ලක් තිබේනම් ඒවා මෙම කොමිෂන් සභාවට යොමුකළ හැකිය.

එම අභියාචනා විභාග කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ රේගු දෙපාර්තමේන්තුව විසින් දෙන ලද තීන්දු හා නියමයන් අඩු කිරීමටල සංශෝධනය කිරීමට හෝ සනාථ කිරීමට මෙම කොමිෂන් සභාවට බලය හිමිවේ.

මෙම කොමිෂන් සභාව ඉදිරියේ දැනටමත් බදු ගෙවන්නන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා 224 ක් නොවිසඳී තිබෙන බැවින් මෙම කොමිෂන් සභාව සක්‍රීය කිරීම සමඟ මෙම අභියාචනා සඳහා කඩිනම් විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. බදු ගෙවන්නන් හට තම ගැටලු වලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා බදු අභියාචනා කොමිසම වැනි ආයතනයන් සක්‍රීය කිරීමෙන් ශ්‍රීලංකාව තුළ ව්‍යාපාර පහසු කිරීමේ වාතාවරණයන් තවදුරටත් පුළුල් වනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top