Sathosa

Nov 10, 2018

නාමල් 'පොහොට්ටු' පක්ෂයට

වහාම ක්‍රියාත්මක කරන පරිදි තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ සමග එක්ව පුළුල් සන්ධානයක් යටතේ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම බලාපොරොත්තුව බව නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෛත්‍රී - මහින්ද නායකත්වය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන්නේ 'පොහොට්ටු' පක්ෂය යටතේ බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top