Sathosa

Nov 14, 2018

කතානායකගෙන් ජනපතිට ලිපියක් : ව්‍යවස්ථාවට වැඩ කරන්නැයි ඉල්ලයි

කතානායක කරු ජයසූරිය මහතා අද දිනයේදි පාර්ලිමේන්තුවේ සිදුවූ සියලු විස්තර සඳහන් ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර තිබේ.

කතානායක මාධ්‍ය ඒකකය පැවැසුවේ ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා මෙම ලිපිය යොමුකළ බවයි.

ප්‍රවෘත්ති නිවේදනයි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ 2018 නොවැම්බර් 04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව අද දින (2018-11-14) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් විය.

ගරු කථානායකතුමන් විසින් දවසේ සාමාන්‍ය කටයුතු අනුව නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරම් මහතා විසින් ස්ථාවර නි‍යෝග අත්හිටුවා ඉදිරි කටයුතු කර ගෙන යාමට යෝජනා කරන ලදී.

ඒ පිලිබඳව සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්ද විමසීමක් යෝජනා කෙරුණු අතර, එහිදී බහුතර‍යේ එකඟත්වයෙන් ස්ථාවර නියෝග අත්හිටුවන ලදී.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කරන ලදී. අද දිනම ඒ පිලිබඳව සභාවේ මතය විමසිය යුතු බව ද ඔවුහු යෝජනා කළහ.

ඒ අවස්ථාවේ දී විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලා සිටි අතර, බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු කථානායකතුමා විසින් ඡන්ද විමසීමට නියෝග කරන ලදී.

එහිදී විශ්වාස භංග යෝජනාවට පක්ෂව බහුතරය ඡන්දය ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට ගරු කථානායකතුමන් විසින් සභාව වෙත නිවේදනය කරන ලදී.

ඉන් අනතුරුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමන් විසින් හෙට පෙ:ව 10.00 දක්වා සභාව කල් තැබිය යුතු බව ට යෝජනා කරන ලද අතර, ඒ සඳහා සභාවේ අනුමැතිය හිමි විය.

අද දින භාර දෙන ලද විශ්වාස භංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාවේ තීරණය ද

ගරු ජනාධිපතිතුමන් විසින් පසුගිය දා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධි බවට සදහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සදහා ගරු ජනාධිපතිතුමන් වෙත දන්වා යැවීමට ගරු කථානායකතුමන් විසින් පියවර ගනු ඇත.

speaker send letter to my3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top