Pasidol
Sathosa Ad Final Sinhala
Jan 03, 2017

උඩුවේ හිමිගේ ශබ්ද දූෂණ නඩුව කල් යයි

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් ශබ්ද දූෂණයක් සිදුකරන බව කියමින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව සඳහා වගඋත්තර පාර්ශවයේ නෛතික හා මූලික විරෝධය ගොනු කිරීමට ජනවාරි 24 තෙක් නඩුව කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (03 දා) නියෝග කළාය.

ඇලන් මැතිණියාරාමාය අවට ප්‍රදේශයේ ශබ්ද දූෂණයක් සිදුවෙතියි කියමින් මිලින්ද මොරගොඩ ඇතුළු පස් දෙනකු ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

මේ අතර මීට පෙර උසාවියෙන් ලබාදුන් කොන්දේසි සහිත ආඥාවට අනුව ශබ්දය අඩුවෙන් භාවිත කරන ලෙස ධම්මාලෝක හිමියන්ට කළ නියෝගය කඩකර ඇති බවත් පෙර අධිකරණ කොන්දේසි පිළිපදින ලෙසද මහේස්ත්‍රාත්වරිය දැඩි අවවාද කළාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top