Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 03, 2017

රාජගිරියේ මං තීරු පුවරු සිංහලෙන් පමණයි !

රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ අළුතින් ඉදිවන ගුවන් පාලම නිසා මේ වන විට මං තීරු වෙනස් කර ඇති අතර ඒ පිළිබඳව දන්වා ඇති පුවරු සියල්ලම සිංහල භාෂාවෙන් පමණක් තොරතුරු සඳහන් කිරීමෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය වී ඇති බව දන්වමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය විසින් ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන් වන අරවින්ද ඉන්ද්‍රජිත්, අහමඩ් මනාස් සහ නඩරාජන් කිරුබා යන අයගේ අත්සනින් යුතුව මාර්ග සංවර්ධන අධිකාරිය, රථවාහන පොලිස් මූලස්ථානය සහ අදාල ඉදිකිරීම් භාර ඇක්සස් සමාගමටද පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ.

ප්‍රතිපත්තියට පටහැනි ක්‍රියාවක් :

'' රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ අළුතින් ඉදිවන ගුවන් පාලම නිසා මේ වන විට මං තීරු වෙනස් කර ඇති අතර ඒ පිළිබඳව දන්වා ඇති පුවරු සියල්ලම සිංහල භාෂාවෙන් පමණක් තොරතුරු සඳහන් කර තිබේ. මේ ආකාරයට එක් භාෂාවකින් පමණක් තොරතුරු සඳහන් වීම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට පටහැනි ක්‍රියාවකි.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නීති ගත කල පාර්ලිමේන්තුවට පිවිසෙන පාර්ලිමේන්තු මාර්ගයේ පවා මේ ආකාරයට එම ප්‍රතිපත්තිය රැකගැනීමට අපොහොසත් වීම අවාසානාවන්ත තත්වයකි.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ රේඛීය අමාත්‍යංශය පිහිටා ඇත්තේ ද මේ ආසන්නයේම වන බැවින් මෙය ඉතා අශෝබන පුර්වාදර්ශයකි.

එමෙන්ම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව දක්වා ගමන් කරන්නේ ද මෙම මාර්ගය ඔස්සේය. නමුත් සිංහල භාෂාවෙන් පමණක් මාර්ග උපදෙස් සපයා ඇති මෙම පුවරු මේ කිසිවෙකුගේ ලක්ව නොමැත.

මේ පිළිබඳව කාරුණික අවධානය යොමු කර මෙම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top