Pasidol
Sathosa Ad Final Sinhala
Jan 03, 2017

දූෂණ විමර්ශනයට විශේෂ විනිසුරු මඩුල්ලක් !

දූෂණ, වංචා චෝදනා විමර්ශනය කිරීම පිණිස සියලු බලතල සහිත විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු යයි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එවැනි විනිශ්චය මඩුල්ලක් පිහිටුවන මෙන් තමන් සහ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අද (03) පැවති කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව අමාත්‍ය රණවක සිය ෆේස්බුක් පිටුවේ නිවේදනය කර තිබේ.

අදාළ විනිශ්චය මණ්ඩලය පිහිටුවීම සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා කැබිනට් මණ්ඩල යෝජනාව නීතිපතිවරයා වෙත යොමුකරන ලද බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ජනතා මතය :

බරපතළ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් විභාග කොට වරදකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කළ යුතු යයි තමන් ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පසුගියදා 'බීබීසී සංදේශය'ට පැවසීය.

වංචා දූෂණ සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීමේ ප්‍රමාදයක් පවතින බවට ජනතාව තුළ මතයක් නිර්මාණය වී ඇති බැවින් එවැනි චෝදනා කඩිනමින් විභාග කිරීමේ අවශ්‍යතාවයක් මතු වී තිබෙන බවත් අමාත්‍ය අමුණුගම සඳහන් කළේය.

දූෂණ විමර්ශන සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය දෙසැම්බර් 11 වැනි දින මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කළ යෝජනාව නව විනිශ්චය මණ්ඩලය පිහිටුවීමේදී රුකුලක් වූ බවත් අමාත්‍ය චම්පික රණවක සඳහන් කරයි.

(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top