Sathosa

Nov 20, 2018

මාලේ හිරේ ඉන්න ළහිරු හෙට හෝ අනිද්දා නිදහස් - ෆයිසර් (වීඩියෝ)

හිටපු මාලදිවයින් ජනාධිපති අබ්දුල් ගයුම් යෙමින් මහතා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියමින් වසර 3කට ආසන්න කාලයක් මාලදිවයින් බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටින මාලබේ පදිංචිකරුවකු වන ළහිරු මධුසංඛ හෙට හෝ අනිද්දා නිදහස් වනු ඇතැයි පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කියයි.

මාලදිවයිනේ නව ජනපතිවරයා ලෙස පසුගිය 17 වැනිදා දිවුරුම්දුන් ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී (Ibrahim Mohamed Solih) මහතාගේ දිවුරුම්දීමේ උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස සහභාගිවූ තමා එහිදී මාලදිවයින් නීතිපතිවරයාටත්, එහි ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත් ළහිරු නිරපරාදේ බන්ධනාගාරගතකර සිටින බව දැන්වීමෙන් පසුව ඔහුව මෙසේ නිදහස් කර ගැනීමට අවස්ථාව උදාවී ඇතැයි මුස්තාපා මහතා කියා සිටියේය.

වැඩිදුරටත් මෙසේද පැවසීය. (වීඩියෝව - සුලෝචන ගමගේ)

ළහිරු මධුසංඛ යුද හමුදාවේ දිගුදුර විහිදුම් ස්‌නයිපර්කරුවකු බව මාලදිවයින රජය මුලින්ම කියා සිටියේය.

එහෙත් එම චෝදනාව අසත්‍යක් වූ අතර එවැනි ස්‌නයිපර්කරුවෙක්‌ ශ්‍රී ලංකා යුද හමුදාවේ නොසිටි බවද යුදහමුදාව ප්‍රකාශකර සිටියේය.

යුද හමුදාවේ ප්‍රකාශන මාලදිවයින රජය පිළිගත්තේ නැත.

ළහිරු කොටුවූයේ යමින් ආණ්‌ඩුවේ දේශපාලන මෙහෙයුමකටය. 2015 ඔක්‌තෝබර් 22 දා ළහිරු මාලදිවයිනට ගියේ කරවල වෙළෙමට සම්බන්ධ ව්‍යාපාරයක්‌ කිරීමේ අරමුණෙනි.

මාලදිවයිනේ සිටින ළහිරුගේ මිතුරකු වූ යසස්‌ ඔහුව ගෙන යැම සඳහා මාලේ ගුවන්තොටුපළට එන බව පැවැසුවත් ඔහු එහි නොපැමිණි අතර දින කීපයකට පසු මධුසංඛගේ පවුලේ අයට වාර්තා වූයේ මාලදිවයින ජනාධිපතිව ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් මධුසංඛ අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ වනවිට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට පවා මධුසංඛ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය වාර්තා වී නොතිබුණි.

මේ අතර මාලදිවයින රජය දිගින් දිගටම පැවැසුවේ ළහිරු මධුසංඛ වෘත්තීය නිපුණත්වයෙන් යුත් ස්‌නයිපර්කරුවෙකු බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top