Sathosa

Nov 22, 2018

මෛත්‍රී මහින්ද ගැටුමක !

නැවත දැනුම් දෙනතුරු, රාජ්‍ය සංස්ථා, ‍ව්‍යස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන වල සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල පුරප්පාඩු පිරවීමේදී, අමාත්‍යාංශවල අතිරේක ලේකම් මට්ටමේ සුදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, වෙනත් සුදුසු රාජ්‍ය නිලධාරීහු හෝ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීහු වැඩ බැලීම සඳහා පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා අමාත්‍යංශ ලේකම්වරුන්ට චක්‍ර ලේඛයක් මගින් දැනුවත් කර තිබේ.

එම පත්කිරීම් සිදුකර ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙස ද එම චක්‍රලේඛ වැඩිදුරටත් දැක්වේ.

එසේම මෙම පත්කිරීම් සිදුකිරීමේදී කිසිදු දේශපාලන පක්ෂපාතිත්වය පිළිබඳ චෝදනා, පැමිණිල්ල නොලැබෙන අයුරින් ක්‍රියා කළ යුතු බවද එහි දක්වා තිබේ.

Chakralekaya

අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ දූෂණ චෝදනා එල්ලවී ඇති නාලක ගොඩහේවා මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමත් සමඟ බව පැවසේ.

නාලක ගොඩහේවා මහතා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයාය. ඔහු එම කොමිසමේ සභාපතිවරයාව සිටියදී මතභේදයට හා දැඩි ලෙස විවේචනයට ලක්වූ අතර, ඒ කොටස් මිල ගනන් හදිසි සහ තියුණු වාසි ලබා ගත් සමාගම් සමග ඔහුගේ සම්බන්ධතාවය පැවති බවට චෝදනා එල්ලවීම නිසාය.

එසේම පාලක රාජපක්ෂ ආණ්ඩුවේ සාමාජිකයින් විසින් විශාල මුදල් ප්‍රමාණයක් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වූ ක්‍රිෂ් ගණුදෙණුව සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලවී තිබේ.

2015 දී රාජපක්ෂ පරිපාලනයේ වැටීමත් සමගම, ගොඩහේවා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අරමුදල් වැරදි ලෙස භාවිතා කිරීම සම්බන්ධව අනාවරණය විය.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර දැනට ඔහු සිටින්නේ එම නඩු සම්බන්ධයෙන් ඇප පිටය.

ගොඩහේවා මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් ද දැඩි දෝශ දර්ශනයට ලක්කර තිබිණි. එය පහත දැක්වේ.

(අනුග්‍රහය - නිවුස් ෆස්ට්)


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top