එම කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ කරූ ජයසූරිය මහතා අගමැතිවරයා හමුව ඉදිරයේදී දේශපාලනයෙන් සමු ගැනීමට අදහස් කර සිටින බැවින් එවැනි කිසිවකට තමා සම්මාදම් නොවන බව පවසා ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුව කරගෙනයාමට කානෙහිළිකම් වැඩි නම් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට යමු යැයි අගමැතිවරයාට ප්‍රේමදාස මහතා යෝජනාකර ඇති බවද එම ආරංචි පැවසේ.
මේ සම්බන්ධයෙන් විමසීමට අප ප්‍රේමදාස මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ අතර එය අසාර්ථක විය.