Sathosa

Dec 02, 2018

ආවා තුනක් අල්ලයි

ආවා කල්ලියට සම්බන්ධව පුද්ගල පහරදීම්වලට හා දේපළ හානි කිරීම්වලට සම්බන්ධ වු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යාපනය චුන්නාකම් ප්‍රදේශයේ හා වඩමාරච්චි ප්‍රදේශයන්ගේ සිදුවු පුද්ගල පහරදීම් හා දේපළ හානි කිරීම්වලට සම්බන්ධ තිදෙනෙකු කඩු 07 ක් සමඟ එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 24 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය කියයි.

පොලිසිය පැවසුවේ සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ආවා කල්ලිය,ධනුරොක් කල්ලිය,අජිත් කල්ලිය හා වික්ටර් කල්ලිය වැනි කල්ලි හේතුවෙන් යාපනය ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුවීම් සිදුවි ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය හා චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top