Sathosa

Dec 07, 2018

විජයකලාගේ නඩුව පෙබරවාරියට කල් යයි

එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන නඩුව ලබන වසරේ පෙබරවාරි 22 වනදා දක්වා කල් දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (07 දා) නියෝග කළේය

ඊට අදාළව කරුණු දක්වමින් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ මන්ත්‍රීවරියට එරෙහිව නඩු පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.

කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට එම උපදෙස් ලබාදීමට සිහිකැදවීමක් යැවීම සදහා නියෝග කර තිබේ.

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටි.ටි.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට පසුගිය ජුලි මස 02 වනදා යාපනයේදි ප්‍රකාශ කළේ රජයේ අමත්‍යවරුන් කිහිප දෙනෙකුද සහාභාගි වි සිටි උත්සවයකදීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top