Sathosa

Dec 07, 2018

මන්ත්‍රීන් බිලිබා ගැනීමේ මෙහෙයුම් යළිත් ඇරඹේ !

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත වෙත මන්ත්‍රීවරුන් එක් කර ගැනීමේ මෙහෙයුම් යළිත් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා නොනිල මට්ටමින් රහසේ සිදුවන බවත් වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානයට මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූර 117ක් පවතින අතර ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති හෙයින් මෙසේ මන්ත්‍රීවරුන් තම පාර්ශ්වයට සම්බන්ධ කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පාර්ශ්ව කටයුතු කරමින් සිටියි.

පාර්ලිමේන්තුව නැවතත් එළැඹෙන 12 දා රැස්වීමට නියමිතය.

බහුතරය පෙන්වීමේ නොහැකියාව නිසා පසුගිය සභා වාර කිහිපයම සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කිරිමට කටයුතු කළේය.

(මුලාශ්‍රය - අද)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top