Dec 14, 2018

මහින්ද ඉල්ලා අස්වීම හෙටට කල්දමයි !

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් හෙට දිනයේදී ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නිවේදනය කරයි.

හෙට දිනයේ ජාතිය අමතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සිය ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ජාතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම උදෙසා මෙම තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා ගනු ලැබූ බවත් ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වැඩිදුරටත් සිය නිවේදනය මගින් කරුණු දක්වා තිබේ.

namal

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top