Pasidol
Sathosa Ad Final Sinhala
Jan 06, 2017

හම්බන්තොට විරෝධයට වාරණයක්

හම්බන්තොට ප්‍රදේශයේ හෙට (07) තුළ උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

අම්බලන්තොට පොලීසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ලබාදී ඇත.

අද (06) සිට දින 14ක කාලයක් බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

අදාළ, අධිකරණ නියෝගය 26 දෙනෙකුට පෞද්ගලිකව දැනුම් දෙන ලෙසඳ නියෝගය කර ඇති බව වාර්තා වේ.

හම්බන්තොට යෝජිත ආයෝජන කලාපයට සහ හම්බන්තොට වරාය චීනයට බදුදීමට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබිණි.

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) දිනයේ මෙම විරෝධතාව පවත්වන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරය මීට පෙර සඳහන් කර තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top