මේ අතර, අවශ්‍ය වුවහොත් තමා හා රිෂාඩ් බදුයුදීන් ද අමාත්‍යධූරයන් අත්හැරීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ද පවසා ඇති බව වාර්තා වේ.
අද (18) උදෑසන පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරව මෙම තීරණය ගෙන ඇති බව ද පැවසේ.
නව රජයේ කැබිනට් මණ්ඩලය අද බොහෝ දුරට දිවුරුම්දීමට නියමිතව ඇති බව ද මේ අතර වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික ආණ්ඩුවක් නොමැති අවස්ථාවක කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකු නොඉක්මවිය යුතු වන අතර, මේ හේතුව නිසා මන්ත්‍රීවරුන් මෙම තීරණය ගෙන ඇති බව ද සඳහන් වෙයි.
නව කැබිනට් මණ්ඩලය තුළ ද පසුගිය කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර දැරූ කිහිපදෙනෙකු එම අමාත්‍යාංශවලම දිවුරුම්දීමට නියමිතව ඇති බව ද වාර්තා වෙයි.