විෂයය පථයන් වෙන් කිරීමේ කටයුතු ජනාධිපති කාර්යාලයේ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් මේ වනවිට සිදුකරමින් පවතින බවද පැවසේ.
ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ කැබිනට් ඇමැතිවරු 43 දෙනකු යටතේ පැවැති මෙම විෂයයන් මෙවර අමාත්‍යාංශ 30 කට වෙන් කිරීමට සැලැසුම් කර ඇති බවද වාර්තා වේ.
ජනාධිපතිවරයා යටතේ මෙතෙක් පැවැති ආයතන එලෙසම පවතින අතර ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හෝ දෙකක් එක්වනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති හා අගමැති හැර සෙසු අමාත්‍යාංශවලින් වැඩිම ආයතන හා විෂයයන් ප්‍රමාණය පී. හැරිසන් හා රිෂාඞ් බදියුදීන් යන ඇමැතිවරුන්ට හිමිවනු ඇතැයි ද වාර්තා වේ.