හම්බන්තොට, මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධනා කලාප ව්‍යාපෘතිය එළි දැක්වීමේ අවස්ථාව අතුරතුර ඇති වූ මෙම නොසන්සුන්තාව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 52 දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් 21 දෙනෙකු ඊයේ (07) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.
මේ අතර ගැටුමෙන් තුවාල ලැබු පුද්ගලයින් 28 දෙනෙක් රෝහල්ගත කෙරුණු අතර පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 4 දෙනෙක් සහ පොලීසියේ 10 දෙනෙක් තවදුරටත් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.
ව්‍යාපෘතිය එළි දැක්වීමේ උත්සවය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර එම ස්ථානයට විරෝධතාකරුවන් පිරිසක් පැමිණිම ත් සමග එහි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
සංවර්ධන කලාප ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර අදාළ ස්ථානය අවට ප්‍රදේශයට පැමිණි පිරිසක් එහි විරෝධතාවයේ නිරත වූහ.
උත්සව භූමිය දෙසට පිරිස පැමිණීම වැළැක්වීම සඳහා එහිදී පොලිසිය උත්සාහ දැරුව ද කළහකාරී ලෙස හැරුසුණු පිරිස ගල්, මුල් ප්‍රහාර එල්ල කිරීම ත් සමගම එහි නොසන්සුන් තත්ත්වය උග්‍ර විය.
එහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය එක්ව අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේ ය.
මෙම ස්ථානයට භික්ෂූන් වහන්සේ පිරිසක් සහ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ද පැමිණ සිටියහ.
කෙසේ වෙතත් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එහිදී පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය.
විරෝධතාවන් පැවැත්වෙන අතරතුර හම්බන්තොට, මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාප ව්‍යාපෘතියේ වැඩකටයුතු ද සිදුවිය.
මෙහිදී සමරු ඵලකය විවෘත කෙරුණේ , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැං ලියැන් මහතා ඇතුළු මැති ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.