මෙම ඛේදවාචකයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම සදහා අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 02 ක නිහඩතාවක් ආරක්ෂා කිරීමට එක්වන්නැයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි.
පෙ.ව 8.30ට ආරම්භ වූ සැමරුම් වැඩසටහන හික්කඩුව තෙල්වත්ත පැරෑලිය සුනාමි සැමරුම් ස්මාරකය අසලදි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිවිණු අතර, මෙය සංවිධානය කර තිබුණේ ගාල්ල ආපදා කළමානාකරණ ඒකකය විසිනි.
(ඡායා : සුනෙත් ගාල්ලගේ - ගාල්ල වාර්තාකරු)
https://sinhala.srilankamirror.com/news/news-in-brief/16902-tzunami#sigProId3bf207b2b7
මේ අතර, සුනාමි ඛේදවාචකය සිහිපත් කිරීමට හා ඉන් මියගියවුන් හට පිං අනුමෝදන් කිරීමේ විශේෂ වැඩසටහනක් අද හැටන් නගරයේ පුංචි බෝධිය අසලදී පැවැත්වුණි.
මෙම අවස්ථාවට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩෙන් බාලචන්ද්‍රන් මහතා, හැටන් පොලිසියේ නිලධාරින්, හැටන් නගරයේ ව්‍යපාරික ප්‍රජාව ඇතුළු ප්‍රදේශයේ සිංහල දමිල මුස්ලිම් ජනතාව විශාල වශයෙන් සහභාගී විය.
මෙම පිංකම පෙ.ව. 9.25 ට පැවැත්වුණු අතර, පහන් දල්වා විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වුණි. මෙම විනාඩියක කාලය තුළ නගරයේ රථ වාහන ගමනා ගමනයද නතර කිරිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කටයුතු කර තිබුණි.
(ඡායා : රංජිත් රාජපක්ෂ - හැටන් වාර්තාකරු)
https://sinhala.srilankamirror.com/news/news-in-brief/16902-tzunami#sigProId9fabc5fc30