Dec 28, 2018

යාපනේදී "අයිස්" තොගයක් සමඟ තරුණයෙක් දැලේ (ඡායා)

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බෙදහැරීම සඳහා ප්‍රවාහනය කිරීමට සුදානමින් සිටි සැකකරුවෙකු යාපනය මාදගල් ප්‍රදේශයේදී ඊයේ (27) සවස අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්රැම් 85 ක් සමඟ යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය -වවුනියාව

Ice1 1324px 18 12 28

Ice2 1324px 18 12 28

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top