Jan 11, 2019

නව අමාත්‍යධුර 3ක් සහ පරිසර අධිකාරියට මුසම්මිල්

කැබිනට් නොවන විශේෂ කලාප සංවර්ධන අමාත්‍යධුරයට වී.රාධක්‍රිෂ්ණන් මහතා පත් කර තිබේ.

එසේම කම්කරු හා වෘත්තීය සමිති සබඳතා පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රවීන්ද්‍ර සමරවීර මහතාද අබ්දුල් මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද අද (11) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

මේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙසින් කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පත් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරි තෙවසර දක්වා මෙම පත් කිරීම සිදු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top