Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 09, 2017

සංහිඳියාව කාලීන අවශ්‍යතාවයක් – චිත්‍රාල් සෝමපාල

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් ඒ වෙනුවෙන් සතියක කාලයක් නම් කිරීමට ගත් පියවර වැදගත් පියවරක් බව වාදන ශීල්පී හා ගායක චිත්‍රාල් සෝමපාල පවසයි.

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාතික ඒකාබද්ධතා හා සහජිවන සතිය සම්බන්ධයෙන් 'සිලෝන් ජර්නල්ස්' වෙත ඔහු මේ බව කියා සිටියේය.

යුද්ධයෙන් පසුව ජාතීන් අතර සහජීවන ඇති කරවීමට පෙර රජය පියවර නොගත් බව පෙන්වා දෙන චිත්‍රාල් පවසන්නේ සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු දෙනා එක්ව සහජිවනයෙන් ජිවත්වීමට කාළය එළඔ ඇති බවයි.

සහජීවනය වෙනුවෙන් සතියක කාළයක් නම් කිරීම සාධනීය පියවරක් බවත් සහජිවනය යථාර්ථයක් කර ගැනීමට සියලු ජාතීන් කැප විය යුතු බව ඔහු අවධාරණය කරයි.

යෝජිත නව ව්‍යවස්ථාව තුළින් ඒකීය රාජ්‍ය ව්‍යුහය පවත්වා ගනිමින් බහුතර සිංහල ‍බෞද්ධ ජනතාවට දෙමළ, මුස්ලිම්, කතෝලික ඇතුලු අනෙකුත් ජනතාව සිය ගෞරවය දැක්විය යුත් බව සහ බෞද්ධ ජනතාවද ඒ හා සමාන ලෙස අනෙක් ආගම් වලට ගරු කල යුතු බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.


(ceylonjournals)

සබැඳි පුවත්

'යුක්තිය ඉටු නොවන තාක් සංහිඳියාව ඇති නොවේ' - භාෂණ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top