Jan 13, 2019

''සියළු බාධා ඉවරයි, ජනාධිපතිවරණයට සූදානම්'- ගෝඨා කියයි

මීලග ජනාධිපතිවරට ඉදිරිපත් වීමට පැවති සියළු බාධා ඉවත් කර ගත් බව ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ඔහුගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන ‘වියත්මග’ වාර්ෂික සුහද හමුවේදීය.

සති කිහිපයක් විදේශගතව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා යලි ලංකාවට පැමිණි වහාම මෙම සුහඳ හමුව සංවිධානය කර තිබිණ.

මෙම හමුවට පෙර ගෝටාභය රාජපක්‍ෂ මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී ඇති අතර ඔහුගේ ආශිර්වාදයද තමනට හිමි වූ බව ගෝටාභය රාජපක්‍ෂ මහතා මෙම හමුවේදී වැඩි දුරටත් සදහන් කර ඇත.

මීලග ජනාධිපතිවරනයට තමන් තරග වදින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලදහොත් පමණක් යයි ඔහු මීට පෙර අවස්ථා ගණනාවක සදහන් කර තිබින.

(ජායාරුපය - නාලක ගොඩහේවාගේ FB පිටුවෙන්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top