Feb 10, 2019

මධූෂ් හා පිරිසගෙන් බා ඩුබායි පොලිසිය කටඋත්තර ගැනීම ඇරඹෙයි

පාතාල ක්‍රියාකාරිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන මාකඳුරේ මදූෂ් ඇතුලූ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන්ගෙන් බා ඩුබායි (bur dubai police) පොලිසිය ප්‍රකාශ සටහන්කර ගැනීම ආරම්භ කර ඇත්තේ මීට සුළු මොහොතකට පෙර බව ලාංකික සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින වෙල්ලප්පිලි නීතීඥ සමාගම් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මීට පෙර වාර්තා වී තිබූ අදාළ සැකකරුවන් ඩුබායි අධිකරණයට ඉදිරිපත් කරන බවට හා ඇතුළු වාර්තා අසත්‍ය ඒවා බව ලාංකික සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින වෙල්ලප්පිලි නීතීඥ සමාගම වෙනුවෙන් ඩුබායි රටට ගොස් සිටින නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

මත්ද්‍රව්‍ය චෝදනා එල්ලව සිටින ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා එරටින් පිටුවල් කර ගැනීම අදාළ නීතීඥයින්ගේ උත්සාහය බවද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top