Feb 12, 2019

මහින්දානන්දටත් විශේෂ මහාධිකරණයට යන්න වෙන ලකුණු  

ඉකුත් 2015 ජනාධිපතිවරණ සමයේ දී රුපියල් කෝටි පහකට ආසන්න රජයේ මුදල් සාවද්‍යව පරිහරණය කරන ලදැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව  ළඟදීම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරන බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත අද (12) දන්වා සිටියේය.
එලෙස නඩු පැවරීම සම්බන්ධයෙන් මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවද අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.  
 
ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී දිවයින පුරා පිහිටි ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීම සඳහා කැරම්බෝඩ් සහ දහම් ලෑලි මිලදී ගැනීම තුළින් රුපියල් කෝටි පහකට ආසන්න රජයේ මුදලක් සාවද්‍යව පරිහරණය කරන ලදැයි විත්තිකාර මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් අදාළ පැමිණිල්ල ගොනු කර තිබුණේය.
 
අදාළ පැමිණිල්ල ලබන 30 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top