Feb 12, 2019

දයාසිරි රෝහලේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මානසික ආතතිය හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රීලනිපයේ ගොඩනැගීම සම්බන්ධයෙන් වෙහෙසීම හා පසුතැවීම් හේතුවෙන් ඒ මහතා මෙසේ රෝගාතුරව ඇති බවද පැවසේ.

මේවන විට ජයසේකර මහතා නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව පැවසෙන අතර ඔහු රෝහලට ඇතුළු කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේද සිටි බව පැවසේ.

කෙසේවුවද, මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකුට දැනුම් නොදෙන ලෙස ඔහු සිය පවුලේ අයට හා හිතවතුන්ට දන්වා ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මේ බව දැනගෙන ඇත්තේ ඔහුගේ තත්ත්වය සුවඅතට හැරුණු පසු බවද පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top