Feb 23, 2019

පශු වෛද්‍යවරුන් වෘත්තීයමය සටනකට සැරසෙති

ජලභීතිකා මර්දන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා ගැනීමට ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාව වහා අහෝසි නොකළ හොත් 26 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග අරඹන බවට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

වසර 2018 අප්‍රේල් 01 වැනිදා සිට ජලභීතිකා මර්දන වැඩසටහන භාරව තිබුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටය.

නව කැබිනට් පත්‍රිකාව මගින් එම කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයට පවරාගෙන තිබේ.

ජලභීතිකා මර්දන වැඩසටහන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා ගැනීමට පෙර එය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ වසර 65ක කාලයක් ක්‍රියාත්මකව තිබිණි.

තමන් රාජකාරි කරන දෙපාර්තමේන්තුව භාර ඇමැති පී. හැරිසන් මෙම කටයුත්තේදී මැදිහත් වන ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමට පත්විය නොහැකි බව මේ අතර, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ජගත් ජයසේකර මහතා කියා සිටී.

එහෙයින් මෙම කැබිනට් පත්‍රිකාව සම්පූර්ණයෙන් හකුළා නොගතහොත් 26 වැනිදායින් පසුව කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එක්වීමට කැමැත්ත පළ කොට තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top