Mar 14, 2019

තිරපිටපත සහ අධ්‍යක්ෂණය - රනිල් වික්‍රමසිංහ

අයවැය දෙවෙනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී යම් ආකාරයකින් තර්ජනයක් ආණ්ඩුවට එල්ල කරන්න සිටියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ගත්ත තීරණය නිසා එය නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.

අද (14) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස දැක්වූ මන්ත්‍රීවරයා,

ඊයේ දවසේ ජනාධිපති වැය ශීර්ෂය වගේම ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරු අට දෙනෙක්ගේ වැය ශීර්ෂ පරාජය කරන්න පියවර ගන්න බව එජාප පසුපෙල මන්ත්‍රීවරු කාලයක් තිස්සේ කිව්වා. ඒ අය කිව්වා මිසක් අපි ඒක විශ්වාස කලේ නැහැ. අපි දන්නවා එජාපයේ ඒ වගේ කෂේරුකාවක් තියෙන මන්ත්‍රීවරු නැති බව. ඊයේ ජනාධිපති වැය ශීර්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී වැය ශීර්ෂය හොදයි කියලා කට්ටියම ඡන්දය දුන්නා.

අප විපක්ෂය නියෝජනය කළ නිසා අපිට ගැටලුවක් ඇති වුණේ නැහැ. මලික් සමරවික්‍රම, කබීර් හසිම්, වගේ අයගේ වැය ශීර්ෂවලට වෙන දේත් අපි බලන් ඉන්නවා. ඒ විදිහට ඉතාම හොද දේශපාලන රංගනයක් ඊයේ අවසන් වුණා. මේ දේශපාලන රංගනයේ තිර පිටපත හා අධ්‍යක්ෂණය රනිල් වික්‍රමසිංහ මහතාගේ බව අපි දන්නවා.

දැන් නම් අපිට සැකයක් තියෙනවා ඇතැම් අයගේ ක්‍රියාමාර්ගත් එක්ක තුන්වැනිවර කියැවීමේදී අය වැය පරාජය කරන්න පුලුවන් වෙයිද කියලා. ඒ කෙසේ වෙතත් 2015 සිට සැබෑ විපක්ෂයේ භූමිකාව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාවට නංවන මන්ත්‍රීවරුන් විදියට අපි අයවැයට දැඩි විරෝධයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අයවැය තනිකරම නිස්සාර පුස්සක් බව හෙළිදරව් වෙලා තියෙන්නේ.

කෝටිපතියන්ට බදු සහන දීලා නොදරුවන්ට බදු ගහනවා

මංගල සමරවිර මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදි කියනවා පොහොසත් බබාලාට දැන්ම ඉදලා බදු ගෙවන්න පුරුදු කරනවාලු. ලක්ෂ 12ක් පොතේ තිබුනොත් ඒකට පොලිය රුපියල් 5000ට වැඩිවෙන නිසා පොහොසත් බබෙක් වෙනවාද. ලක්ෂ 12 තැන්පතුවක් බැංකුවේ තියෙනවා නම් පොහොසත් දරුවෙක් වෙනවාද. දරුවාගේ ආතා, කිරිඅම්මා, නැන්දා මාමා වගේ නෑයෝ දරුවෙක්ගේ උපන්දිනයට කියක් හරි පොතට දාලා දෙන එක සිරිතක්. ලක්ෂ 12ක් කියන්නේ මහ ලොකු ගාණක් කියලා මංගල සමරවිර ඇමැතිතුමා හිතාගෙන ඉන්නේ.

දැන් පොලියෙනුත් පොලිය කපන බව ඔප්පු වෙලා තියෙන්නේ. අපි අහන්නේ මේ රටේ ප්‍රධානපෙලේ කෝටිපති ව්‍යාපාරිකයින්ට නීත්‍යාණුකූල නොවන ආකාරයට මොන තරම් බදු සහන පසුගිය කාලයේ මේ යහපාලන ආන්ඩුව දුන්නාද. ඇලෝසියස් ගේ මෙන්ඩිස් සමාගමට, ප්‍රාඩෝ ගෙන්වන අයට, ගම්මරිස් මුහුද මැදදි පටවන අයට බදු සහන දීලා පුංචි නොදරු කිරි සප්පයාගේ සිට මිනිස්සුන්ගෙන් බදු පිට බදු ගහන අයවැයක්. මේක තමයි අපි දකින අයවැයේ ස්වරූපය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top