Mar 14, 2019

ශානුක ITN එකේ මුල් පුටුවකට !

මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි වාර්තා වේ.

කෑගල්ල, ශාන්ත මේරි විද්‍යාලයේ ආදී ශිෂ්‍යකු වන ශානුක කරණාරත්න විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 15 ක පමණ අත්දැකීම් සහිත අයෙකි.

වසර 2003 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සිය මාධ්‍ය ගමන්මඟ අරඹන ඔහු ඉන් අනතුරුව ආසියානු මාධ්‍ය ජාලයට සම්බන්ධවී ශ්‍රී එෆ්.එම්. හා ෂා එෆ් එම් යන නාලිකාවල නිවේදන සහ ප්‍රවෘත්ති අංශයේ කටයුතු කර ඇත.

ඔහු කලක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවීමට පෙර ඔහු වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශයට සම්බන්ධව කටයුතු කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top