photographic 2
Mar 16, 2019

සූත්තරෙන් කිරිපිටි කිලෝවක් රුපියල් 60කින් උස්සයි !

ආනයනික කිරිපිටි වල තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු මතුව තිබියදී ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 60 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අද (15) අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව රුපියල් 860කට මිල කර තිබූ ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 920 දක්වා ඉහළ ගොස් ඇත.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවේ මිලද රුපියල් 25 කින් ඉහළ දැමීමට පාරිභෝගි කටයුතු පිළිබද අධිකාරිය අනුමැතිය ලබාදී ඇති අතර, ඒ අනුව රුපියල් 345 ක්ව තිබූ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 370 දක්වා ඉහල යාමට නියමිතය.

ආනයනික කිරිපිටි සදහා මිල සුත්‍රයක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි තිබිණි.

කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන තෙක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කර නොගන්නා බවට මීට පෙර රජයට කිරිපිටි ආනයනකරුවන් රජයට තර්ජනය කිරීමක්ද මීට පෙර සිදුකර තිබිණි.

දේශීය කිරිපිටි මිල වෙනස් නොවෙයි !

කෙසේවුවද, දේශීය කිරිපිටි මිල වෙනස් නොවන බවද මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්

කිරිපිටි ගෙන්වන්නන්ගේ මාෆියාව !

කිරිපිටි ආනයනකරුවන්ට එරෙහිව උද්ඝෝෂණ

100 ක් වැඩිකරගන්න ගිය කිරිපිටි ආනයනකරුවෝ අලි අමාරුවක

අන්තිමට කිරිපිටිවලටත් කමිටුවක් !

කිරි ඇත්තේ තව සති දෙකකටයි : රටකිරි කටු පොල්තෙල්වලින් හදපු සුදු පාට කුඩක් ?

ෆොන්ටේරා බුද්ධිකට නඩු නොදා පිටුගණන් ඇඩ් දමයි

කිරිපිටි වෙළෙන්දෝ ශයිලොක්ට අදියි - 100ක් වැඩිකරන තෙක් ආනයන අත්හිටුවයි

නවසීලන්ත ආනයනික කිරිපිටි කේස් එක UN එකට

කිරිපිටි අවුල්බව ජනපති කිව්වත් ෆොන්ටේරා දැන්වීම් නොනවතියි !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top