Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 15, 2017

නත්තල් දින සුරාව තහනම් !

නත්තල් දිනයේ දී ද සියලු සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.

මෙම වසරේ සුරාසැල් වසා තැබෙන දිනයන් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයක එබව සඳහන් වේ.

ඒ අනුව වසරේ සෑම පොහෝ දිනකම සුරාසැල් වසා තැබිය යුතු බව එහි දැක්වේ.

මීට අමතරව ජාතික නිදහස් දිනය, සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දින හා අලුත් අවුරුදු දිනයේ දී ද සියලු සුරාසැල් වසා තැබිය යුතුයි.

රාමසාන් දිනයේ දී, ලෝක අමද්‍යප දිනයේදී හා නත්තල් දිනයේ දී ද සියලු සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියි.

මීට අමතරව කෙටි කාලීන දැන්වීමකින් සුරාසැල් වසා දැමීමට රජය තීරණ කරන අවස්ථාවකදී ද සුරාසැල් වසා දැමීමට ද ක්‍රියා කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී සිටියි.


මෙසේ නත්තල් දිනයේදී පවා සංචාරක හෝටල් වල බාර් වසා දැමීම සංචාරක ව්‍යාපාරයට දැඩි ලෙස බලපාන බව එම ව්‍යාපාරික පිරිස් රජයට දැනුම් දී ඇත.

(එම විස්තර පහතින් දැක්වෙයි)

sura

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top