OPEN

#

OPEN

#

Mar 20, 2019

එජාප මන්ත්‍රී වෙඩි වැඳී රෝහලේ

බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතාට අද(20) උදෑසන වෙඩි වැදී තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

ඒ මහතාගේ නිවසට ගිය ඔහුගේ ඥාතියෙකු විසින් කපිල අමරකෝන් මහතා වෙඩි වැදී වැටී සිටිනු දැක ඒ පිළිබඳ පොලීසියට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top