Mar 21, 2019

'ඛේමාගේ කොලුවා' සිරිසේන සමග රොනී හමුවීමට ගිහින් !

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (20) එජාපයේ ප්‍රකට මුදල් අමාත්‍යවරයකුව සිටි රොනී ද මැල් මහතා හමුවීමට ගොස් ඇත.

1989 මහ මැතිවරණයේ දී ශ්‍රීලනිපයෙන් මංගල සමරවීර මහතා සමග පාර්ලිමේන්තුවට තේරී පත්වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන එච්. ජී. සිරිසේන මහතාද කොළඹ පැවති මෙම හමුව සඳහා එක්ව තිබේ.

රොනී ද මෙල් මහතා 1977 දී ආරම්භ කළ ආර්ථිකය ලිබරල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ඔහු නැවැත්වූ තැනින් ඉදිරියට ගෙන යාමට තමන් කටයුතු කරන බවට මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී සහතික වී ඇත.

තම හෘද සාක්ෂියට එකඟව මෙවර අයවැය ජනතාවගේ පැත්තෙන් ගත්කළ විශිෂ්ට අයවැයක් බව හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

අයවැය ලේඛන එකොළහක් ඉදිරිපත් කරමින් හිටපු මුදල් ඇමැතිවරයකු ලෙස තමා මෙතෙක් තබා තිබෙන අසීරු ඓතිහාසික වාර්තාව සමකිරීමට අයවැය ලේඛන ඉදිරිපත් කිරීම තුළින් ඇමැති මංගල සමරවීර මහතාට හැකියාව ලැබේයැයි තම ප්‍රාර්ථනා කරන බව හිටපු ඇමැති රොනී ද මැල් මහතා එහිදී පවසා තිබිණ.

අගමැති කියපු කතාව : ''මංගල 77 පරපුරේ කෙනෙක්..''

මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට 30 වසරක් සැපිරීම නිමිත්තෙන් පසුගිය පෙබරවාරි 28 දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමින් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ මංගල සමරවීර මහතා 77 පරපුරේ දරුවෙක් බවයි.

කුමන දේශපාලන දහරාවක පක්ෂයක සිටියද සමරවීර මහතා මෙතෙක් කටයුතු කර ඇත්තේ එජාප ආර්ථික ප්‍රතිපතියට අනුව බව අගමැතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.

සබැඳි පුවත් :

'ඛේමාගේ කොලුවාගේ' අයවැය විශිෂ්ඨයි - හිටපු මුදල් ඇමැති රොනී කියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top