Apr 15, 2019

තුන් පොකුරු යෝගයට පැලයක් සිටුවන්න - ජනපති 

පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරිමට එකතුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී.

 
මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් අතරට පැළ සිටුවීමේ නැකත ද එක් කර තිබේ.
 
තුන් පොකුරු යෝගය යෙදි ඇති අද (15) පෙරවරු 11.17ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළයක් සිටුවීම මැනවි යැයි සඳහන් වේ.
 
මෙම සුබ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top