Apr 18, 2019

වී වල් මර්ධනයට ගියවර කෘෂි රසායන ගන්න එපා යැයි කෘෂිකර්මය කියයි

වී වගාවේ වල් මර්දනයට පසුගිය වසරේ භාවිතාකල වල්නාශක භාවිතා නොකරන ලෙස සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානය කියා සිටී.

එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සනත් එම්. බණ්ඩාර මහතා පවසන්නේ එකම කේත සඳහන් වල්නාශක භාවිතා කිරීම නිසා ඉවත් කළ යුතු තෘණ මර්දනය නොවන බව සිදුකළ පරීක්ෂණයකදී තහවුරු වී තිබෙන බවයි.

වල් මර්දනයට ගොවීන් අධික ලෙස වල්නාශක භාවිතා කරන බව ද මේ වන විට තහවුරු වී ඇති බව ඒ මහතා පවසයි.

එය මිනිස් ශරීරයට හිතකර තත්ත්වයක් නොවන බවත් ඒ මහතා සඳහන් කරයි.

ලංකාව තුළ භාවිතයට අවසර ඇති සෑම වල් නාශකයකම A, B, K1, O, C, G, H, F, E හා K සටහන් කර තිබෙන බවත්, මේ නිසා පසුගිය කන්නේ දී භාවිතා කළ කේතය සහිත වල් නාශක මෙවර භාවිතා නොකර වෙනත් කේතයක් සහිත වල් නාශක භාවිතා කරන ලෙස ද ඒ මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top