Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 17, 2017

තලතා නිරෝෂන්ගෙන් වන්දි ඉල්ලයි

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාධ්‍යට කළ ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්තිනාමට අපහාසයක් වූ බවත් ඒ හේතුවෙන් රුපියල් මිලියන 425ක වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය මන්ත්‍රීවරයාට එන්තරවාසියක් යොමුකර තිබේ.

නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා  පුවත්පත් සම්මුඛ සාකඡාවකදී විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීමෙන් රුපියල් මිලියන 1500ක මුදලක් අමාත්‍යවරිය වංචා කළැයි පවසා ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන්ය.

අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙස එම එන්තරවාසියේ සඳහන්ව ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top