Apr 25, 2019

ප්‍රහාරයට සම්බන්ධ 6කගේ ෆොටෝ එළියට : අල්ලන්න මහජන සහය ඉල්ලයි

දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ලවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින හය දෙනෙකුගේ ඡායාරූප මේවන විට මාධ්‍යයට නිකුත් වී තිබේ.

ඒ අතර පිරිමි තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටියි.

ඔවුන්ගේ නම් වන්නේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්,ෆාතිමා ලතීෆා, මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්, පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා,අබ්දුල් කාදර් ෆාතිමා කාදිය සහ මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන් නැමති අයයි.

මොවුන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා පොලීසිය මහජනතාවට දුරකථන අංක 03ක් විවෘත කර තිබේ.

එම දුරකථන අංක වන්නේ 071 859 1771, 0112 422 176 , 0112 395 605.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට අද (25) නිකුත්කළ ඡායාරූප පෙළ පහතින් දැක්වෙයි.

a1මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක්

a2මොහොමඩ් ඉවුහයිම් ෂහිඩි අබ්දුල්හක්

a3මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන්

a4ෆාතිමා ලතීෆා

a5පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා

a6අබ්දුල් කාදර් ෆාතිමා කාදියා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top