Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 19, 2017

පොලිසිය අඳුරු වාහන ගැන සොයයි

මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිරරෙදි මගින් ආවරණය කර ධාවනය කිරීම හේතුවෙන් අනතුරු ඉහළගොස් ඇති බවත්,  ඒ අනුව තිර රෙදි ආවරණ හා දෙපස  අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.

ඒ අනුව අද (19) සිට 31 දක්වා පොලිස් ස්ථාන මට්ටමින් රථ වාහන මෙහෙයුමක් දියත් කර අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන සඳහා රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ.

මේවා ගලවා ඉවත් නොකරන වාහන සඳහා අධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කරන ලෙස රථ වාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කේ. පාලිත ප්‍රනාන්දු මහතා විසින් උපදෙස් ලබාදී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top