May 15, 2019

පූජිත යටතේ තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය CIDය යටතට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට පත් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයේ අවශ්‍යතාව මත වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.

මීට පෙර ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පැවති අතර පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් එම කොට්ඨාශය ඔහු යටතට පවරාගෙන තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top